Content-Length: 117935 | pFad | https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A_%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A_%E0%B6%B4%E0%B6%AD

සිම් කාඩ් පත - විකිපීඩියා Jump to content

සිම් කාඩ් පත

විකිපීඩියා වෙතින්
නෝකියා 6233 තුල එහි විද්‍යුත් සම්බන්ධකයන් යාබදව තබා ඇති සිඟිති-සිම් කාඩ් පතක්.

ජංගම දුරකථන උපකරණයක් ( ජංගම දුරකථන සහ පරිගණක වැනි) භාවිතා කරන ග්‍රාහකයෙකු හඳුනාගැනීම සඳහා, ඉවත් කළ හැකි සිම් කාඩ් පතක් තුල ඇති ග්‍රාහක අනන්‍යනතා මොඩියුලය (සිම්) තුල ග්‍රාහක-සේවා යතුර (IMSI) සුරක්ෂිත ලෙසින් ගබඩා කර තැබෙයි. හුදෙක් එක් ජංගම දුරකථනයක් වෙතින් සිම් කාඩ් පත ඉවත් කොට එය වෙනත් ජංගම දුරකතනයක් හෝ පළල්කලාප දුරකථන උපකරණයක් හෝ තුල බහාලීම තුලින් පමණක්, දුරකථන උපකරණ මාරුකිරීමට, සිම් කාඩ් පත විසින් ග්‍රාහකයන්ට අවකාශ සලසයි.

සිම් කාඩ් පතක් තුල, එහි අනන්‍ය අනුක්‍රමික අංකය, ජංගම දුරකථන ග්‍රාහකයා පිළිබඳ ජාත්‍යන්තර ලෙසින් අනන්‍ය අංකයක් (IMSI), ආරක්ෂණ සත්‍යාපන සහ කේතාංකන තොරතුරු, පෙදෙසි ජාලය ආශ්‍රිත තාවකාලික තොරතුරු, ග්‍රාහකයා හට ප්‍රවේශය විය හැකි සේවාවන් ලැයිස්තුවක් සහ මුරපද දෙකක් (සාමාන්‍ය භාවිතය සඳහා PIN සහ වැලකුම් ඉවත් කෙරුම සඳහා PUK) අඩංගු වෙයි.

සිම් කාඩ් පත් සම්මත ප්‍රමාණ තුනකින් ලබාගත හැක. පළමුවැන්න ක්‍රෙඩිට් කාඩ් පතක (85.60 මිමී × 53.98 මිමී x 0.76 මිමී) ප්‍රමාණය ගනියි. නවතම, ඉමහත් ජනප්‍රිය සිඟිති අනුවාදය එම ඝනකමම සහිත වුවද, 25 මිමී දිගක් සහ 15 මිමී පළලක් සහිතව, එහි එක් කොණක් ලෝපනය (සපරම් කිරීම) කර ඇත්තේ වැරදි ඇතුළු කිරීම වැලැක්වීමට‍ය. 3FF හෝ ක්ෂුද්‍ර-සිම් ලෙස හැඳින්වෙන නවීනතම මූර්තියෙහි මානයන් 15 මිමී × 12 මිමී ලෙසින් වෙයි. කුඩා ප්‍රමාණ දෙකෙහි කාඩ් බොහෝ විට සපයනු ලැබන්නේ, කුඩා කාඩය ප්ලාස්ටික් සබැඳි කිහිපයක් භාවිතයෙන් නියමිත ස්ථානයෙහි රඳවමින් පූර්ණ-ප්‍රමාණ කාඩයක් නිමවමිනි; කුඩා ප්‍රමාණ සිම් භාවිතා කරන උපකරණයක් තුල භාවිතා කිරීමට මෙය මහත් පහසුවෙන් කඩා වෙන් කර ගත හැක.

පළමු සිම් කාඩ් පත 1991 දී තනන ලද්දේ මියුනික්හී යස පත් (ස්මාට් කාඩ් පත්) නිවැවුම්කරු ගෙයිසෙකේ සහ ඩෙව්රියන්ට් විසින් වන අතර, ෆින්ලන්ත නොරැහැන් (වයර්ලස්) ජාල ක්‍රියාකරු රේඩියෝලින්ජා වෙත හෙතෙම පළමු සිම් කාඩ් 300 අලෙවි කලේය.[1]


ආශ්‍රිත

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]

සැකිල්ල:ජංගම දුරකතන

"https://si.wikipedia.org/w/index.php?title=සිම්_කාඩ්_පත&oldid=654145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A_%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A_%E0%B6%B4%E0%B6%AD

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy