Jump to content

රක්තවේදය

විකිපීඩියා වෙතින්

රක්තවේදය (Rheumatology) යනු හන්දි ගත රෝග නිර්ණය කිරීම හා ප්‍රතිකාර ලබාදීම හා සම්බන්ධ වෛද්‍ය විද්‍යාවේ උප ක්ෂේත්‍රයකි. රක්තවේදය පිළිබද විශේෂඥ වෛද්‍ය වරයෙකු විසින් හන්දි පත්, මෘදු පටක සහ ඒ අවට සන්ධාරක පටකවල ඇති වන රො‍්ග සදහා ප්‍රතිකාර කරනු ලැබේ. Rheumatology යන වදන බිහිවී ඇත්තේ ග්‍රීක භාෂාවෙන් Rheuma යනු දිය පහරක් මෙන් ගලායන සහ -ology යනු පිළිබද අධ්‍යයනය යන අර්ථය ඇතිවයි.

රක්තවේදය යනු සීඝ්‍ර ලෙස දියුණුවක් පෙන්නුම් කරන වෛද්‍ය විද්‍යාවේ එක් ක්ෂේත්‍රයකි. මෙම ක්ෂේත්‍රය‍ට සම්බන්ධ රෝග ඇති වීමට හේතුවන ප්‍රතිශක්ති කරන ක්‍රියාවලිය පිළිබදව වඩා හොද අවබෝධයක් ලබාගැනීමත් සමගම නව විද්‍යාත්මක සොයා ගැනීම් බිහි වී ඇත. රක්ත වේදයෙහි ඇති වන රෝග කෙරෙහි හේතුව ලෙස හදුනා ගෙන ඇත්තේ ප්‍රතිශක්ති කරන පද්ධතියෙහි ඇති වන වෙනස්කම්ය. ප්‍රතිශක්ති කරන විද්‍යාව මගින් මෙකී රෝග ඇති වීමෙහි හේතුව සහ එම රෝග වල ලක්ෂණ විග්‍රහ කරයි . තවද දැනට භාවිතා වන නව ප්‍රතිකාර ක්‍රමද ප්‍රතිශක්ති කරන වේගය මත පදනම්ව බිහිවී ඇත. හන්දිපත් රෝග කෙරෙහි බලපාන ප්‍රවේනි ගත සාධක පිළිබදව වඩා හොද අවබෝධයක් ලබා ගැනීම මගින් රක්තවේදය නව විද්‍යාත්මක සොයා ගැනීම් මත පදනම් වු වෛද්‍ය ක්ෂේත්‍රයක් බවට පත්වී ඇත. නව ප්‍රතිකාර ක්‍රමවේදයන් ගොඩනැගී ඇත්තේ ප්‍රතිශක්ති කරණය පිළිබදව වු සමීක්ෂණ, සයිටෝ කයින, T වසා සෛල හා B වසා සෛල වල ක්‍රියාකාරිත්වය මත පදනම්වය. අනාගතයේදී මේ සදහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ජාන චිකිත්සාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ඇත. රක්ත වේදයෙහි දැනට භාවිතා වන ක්‍රමෝපායන් බහුලවම පදනම් වී ඇත්තේ සායනික පරීක්ෂණ සහ සාක්ෂි මත පදනම්ව ලබ‍ාදෙන ප්‍රතිකාර ක්‍රම මතයි. මෙමගින් එම රෝගීන්ට ආබාධිත තත්ත්වයකින් තොරව ආසන්න වශයෙන් සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයක් ගත කළ හැකිය. මෙම වෛද්‍ය ක්ෂේත්‍රයෙහි විශේෂඥ දැනුමක් ඇති වෛද්‍යවරුන් රක්තවේදීන්ය. (Rheunatologists)

"https://si.wikipedia.org/w/index.php?title=රක්තවේදය&oldid=444852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy