Content-Length: 643989 | pFad | http://si.wikipedia.org/wiki/%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A_%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A

ඩොනල්ඩ් ට්‍රම්ප් - විකිපීඩියා Jump to content

ඩොනල්ඩ් ට්‍රම්ප්

විකිපීඩියා වෙතින්
Donald J. Trumpov
ට්‍රම්ප් 2017 දී
එක්සත් ජනපදයෙහි 45වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 2017 – ජනවාරි 20, 2021
උප ජනාධිපතිවරයාමයික් පෙන්ස්
පූර්වප්‍රාප්තිකයාබරාක් ඔබාමා
අනුප්‍රාප්තිකයාජෝ බයිඩන්
පුද්ගලික තොරතුරු
උපත
ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්

ජුනි 14, 1946 (1946-06-14) (වයස 78)
නිව්යෝර්ක් නගරය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන් (2012–වර්තමානය)
වෙනත් දේශපාලන
සබැඳියා
  • රිපබ්ලිකන් පක්ෂය (1987–99, 2009–11)
  • ඇමරිකානු එක්සත් ජනපදයෙහි රිෆෝම් පක්ෂය] (1999–2001)
  • ඩිමොක්‍රටික් පක්ෂය (එක්සත් ජනපදය) (2001–09)
  • ස්වාධීන දේශපාලනඥයා (2011–12)
කලත්‍රයා
ඉවානා සෙල්නිච්කෝවා
(m. 1977; div. 1990)
මාර්ලා මේප්ල්ස්
(m. 1993; div. 1999)
මලානියා ට්‍රම්ප්
(m. 2005)
දරුවන්
  • ඩොනල්ඩ් ට්‍රම්ප් කණි.
  • ඉවන්කා ට්‍රම්ප්
  • එරික් ට්‍රම්ප්
  • ටිෆනි ට්‍රම්ප්
ඥාතීන්ට්‍රම්ප් පවුල
වාසස්ථාන
අධ්‍යාපනය
  • ෆොර්ඩම් විශ්වවිද්‍යාලය
  • පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය (බීඑස්)
රැකියාව
    • නිශ්චල දේපොළ ප්‍රවර්ධක
    • (ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන්)
    • රූපවාහිනී නිෂ්පාදකයා
    • (දි ඇප්‍රෙන්ටිස් (එ.ජ. රූපවාහිනී කතාමාලාව))
අත්සනDonald J Trumpov stylized autograph, in ink
වෙබ් අඩවිය

ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප් (උපත: 1946 ජූනි 14) යනු අමෙරිකානු ජාතික ව්‍යාපාරිකයෙක්, ඉඩකඩම් සංවර්ධකයෙක්, රූපවාහිනී ඉදිරිපත්කරන්නෙක්, කතෘවරයෙක් සහ එක්සත් ජනපදයේ හිටපු 45 වන ජනාධිපතිවරයාද වේ.

ඔහු 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදී ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ව පරාජය කරමින් ජනාධිපති ලෙස තේරීපත්වූ අතර 2017 ජනවාරි 20 වන දින ඔහු විසින් වැඩ භාරගන්නා ලදි. ඔහු ට්‍රම්ප් සංවිධානය හෙවත් 'ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන්' හි සභාපතිවරයා වන අතර දැන් කාල් අයිකාන් නම් ව්‍යාපාරිකයාට අයත් ට්‍රම්ප් එන්ටටේන්මන්ට් රිසොර්ට්ස් නමැති සූදු හා හෝටල් ව්‍යාපාරයෙහි නිර්මාතෘවරයාද වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී දෙවන ධූර කාලයක් බලාපොරොත්තුවෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් ට එරෙහිව තරඟ වැදුණු අතර, ඉන් පරාජයට පත්විය.

ට්‍රම්ප්, නිව්යෝක් නුවර ඉඩකඩම් සංවර්ධකයෙකු වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයෙක් වූ අතර ඔහු තම උසස් අධ්‍යාපනය හදාරන අවදියේදී එලිසබෙත් ට්‍රම්ප් සහ පුත්‍රයා නම් සිය පියාගේ ව්‍යාපාර සමාගමට සේවය කළේ ය. 1968 දී පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝටන් පාසලෙන් තම උපාධිය ලැබීමෙන් අනතුරුව ඔහු එම සමාගමට එක්වූ අතර 1971 දී එහි පාලනය හිමිවූ ඔහු පසු කාලීනව ද ට්‍රම්ප් ඕර්ගනයිසේෂන් (ට්‍රම්ප් සංවිධානය) ලෙස එහි නම වෙනස් කළේ ය. එතැන් පටන් ඔහු කැසිනෝ සූදුපළවල්, ගොල්ෆ් පිට්ටනි, හෝටල්, නිව්යෝක් නුවර ජනාවාසයක්, සහ වෙනත් දේපළ ඉඩකඩම් ඉදි කර සංවර්ධනය කර ඇති අතර ඉන් බොහොමයක් ඔහුගේ නම දරයි. ට්‍රම්ප් සහ ඔහුගේ ව්‍යාපාරයන්ද, ඔහුගේ විවාහයන් තුනද, ප්‍රසිද්ධ මාධ්‍ය නිරාවරණය ට ලක්වී ඇත. ඔහු එන්.බී.සී. රුපවාහිනියේ දි අප්‍රෙන්ටිස් නමැති ජනප්‍රිය රියැලිටි වැඩසටහනද 2004 සිට 2015 දක්වා මෙහෙය විය.

2000 දී එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීම ආරම්භ කල ඩොනල්ඩ් ට්‍රම්ප් මිනිසුන් විසින් ඡන්දය දීමට පෙර එයින් ඉවත් වුවද රිෆෝම් පක්ෂ ඡන්ද විමසීම් දෙකකින් ජයග්‍රහණය කිරීමට ඔහු සමත් විය. 2015 ජූනි 16 වැනිදා, ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමා 2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව නිල වශයෙන් නිවේදනය කරන ලදී.

ඔහු විසින් අසාධාරණ යයි සලකන NAFTA සහ TPP වැනි වෙළඳ ගිවිසුම් වලට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම, NAFTA සහ එක්සත් ජනපද - චීන වෙළඳ ගිවිසුම් සාධාරණ ලෙස යලි ගිවිස ගැනීම, එක්සත් ජනපද - මෙක්සිකෝ මායිම දිගේ ප්‍රාකාරයක් ඉදිකිරීම වැනි දෑ මගින් ආගමනය බලාත්මක කිරීම, සෙබලුන්ට සත්කාර කිරීමේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය, PPACA නමැති සෞඛ්‍ය සත්කාර සම්බන්ධ ෆෙඩරල් ආඥාපනත අහෝසි කර ඒවෙනුවට වෙනත් සෞඛ්‍ය ආඥාපනතක් ගෙන ඒම, සහ බදු කප්පාදු කිරීම් වැනි දෑ ට්‍රම්ප්ගේ දේශපාලන වේදිකාවට ඇතුළත්ය. ට්‍රම්ප් නීතිය හා සාමය පිළිබඳ ප්‍රබල යෝජකයෙක් වෙයි. විභව ත්‍රස්තවාදීන් හඳුනාගැනීමේ වඩාත් නිවැරදිව ශිල්පක්‍රමයන් ගොඩනගාගෙන ඒවා උපයෝගී කරගන්නා තුරු එක්සත් ජනපදයට එරෙහිව ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමේ ප්‍රත්‍යක්ෂ වූ ඉතිහාසයක් ඇති රට වලින් ආගමනය තාවකාලිකව අත්හිටුවීමට ඔහු විසින් යෝජනා කර ඇත. ISIS සංවිධානය කඩිනමින් පරාජය කිරීම අනිවාර්ය බවද ඔහු විශ්වාස කරයි. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරන ව්‍යාපාරය පුළුල් මාධ්‍ය ආවරණයකට හා අන්තර්ජාතික අවධානයකට ලක්ව ඇත. සම්මුඛ සාකච්ඡා හා මැතිවරණ රැළි වලදී ඔහු විසින් කර ඇති ප්‍රකාශ බොහෝවිට මතභේදයට තුඩුදීමට හේතු වී ඇති අතර සමහර රැළි වල විරෝධය පලකිරීම් හා කෝලාහල කිරීම් ඇති වී ඇත.

ළමා අවධිය

[සංස්කරණය]

වර්ෂ 1946 ජූනි මස 14 වන දින නිව්යෝක් නුවර ජනාවාසයක් වන ජමෙයිකා එස්ටේට්ස්, කුවින්ස් හි ට්‍රම්ප් උපත ලැබීය.[1][2] ඔහු ගෘහණියක් හා ධානපතිනියක[3] වූ මේරි ට්‍රම්ප් (විවාහයට පෙර මක්ලවුඩ්, 1912–2000) සහ ඉඩකඩම් සංවර්ධකයෙක් වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප් (1905–1999) යන විවාහක යුවලගේ ළමුන් පස් දෙනාගෙන් සතර වැන්නා ය.

මේරි ස්කොට්ලන්තයේ ලුවිස් දූපතේ පිහිටා ඇති ටොන්ග් ග්‍රාමයේ උපත ලැබූවකි.[4] වර්ෂ 1930 දී ඇයට වයස අවුරුදු 18 දී අමෙරිකාවට සංක්‍රමණය කළ ඇය එහිදී ගෘහ සේවිකාවක් ලෙස වසර හතරකට වඩා වැඩි කාලයක් සේවය කළා ය.[5][6] එහි දී ෆ්‍රෙඩ්ව දැන හඳුනාගත් ඇය 1936 දී ඔහු සමග විවාහ වී කුවින්ස් හි පිහිටි ජමෙයිකා එස්ටේට්ස් හි පදිංචි වූවා ය. කාලයාගේ ඇවෑමෙන් ෆ්‍රෙඩ් නගරයේ විශාලතම ඉඩකඩම් සංවර්ධකයෙක් විය.[3][7] වර්ෂ 1942 මාර්තු මස 10 වන දින මේරි එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුවා ය.[5][6]

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

ට්‍රම්ප් හට විවාහයන් තුනකින් දරුවන් පස් දෙනෙක් ඇති අතර ඔහුට සිටින මුණුබුරන් ගණන අට දෙනෙකි.[8][9] ඔහුගේ පළමු විවාහයන් දෙක දික්කසාදයෙන් කෙළවර වූ අතර එම සිදුවීම් ටැබ්ලොයිඩ් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ විය.[10]

ට්‍රම්ප් තම ප්‍රථම භාර්යාව වන ඉවානා සෙල්නීච්කෝවා නම් චෙක් ජාතික නිරූපිකාව සමග වර්ෂ 1977 අප්‍රේල් 9 වන දින නිව්යෝර්ක් නුවර මෑන්හැටන් හි පිහිටි මාර්බල් විද්‍යාලයීය පල්ලියේදී විවාහ වූ අතර එම මංගල්‍යය මෙහෙයවූයේ අමෙරිකාවෙ සුප්‍රසිද්ධ දේවගැති තැනක් වන නෝර්මන් විල්සන් පීල් විසිනි.[11][12] ඔවුන්ට දරුවන් තිදෙනෙකි: පුත් ඩොනල්ඩ්, කණිටු (උපත: 1977 දෙසැම්බර් 31), දියණි ඉවංකා (උපත: 1981 ඔක්තෝම්බර් 30) සහ පුත් එරික් ට්‍රම්ප් (උපත: 1984 ජනවාරි 6). ඔවුහු තිදෙනම දැන් ට්‍රම්ප් සංවිධානයෙහි විධායක උපසභාපති වරුන් ලෙස කටයුතු කරන්නෝය.[13] ඉවංකා තම දියණියක් නොවුනා නම් ඈ සමග පෙම් ඇසුරක් පැවැත්වීමට තමා කොපමණ ආශා කරන්නේද යැයි නැවත නැවතත් විහිලු කිරීම පිළිබඳ ට්‍රම්ප් විවේචනයට ලක්ව ඇත.[14] වර්ෂ 1988 දී ඉවානා එක්සත් ජනපද පුරවැසිභාවය ලැබුවාය.[15]

ආගමික අදහස්

[සංස්කරණය]

ට්‍රම්ප් ප්‍රෙස්බිටේරියානු සභාවට අයත් අයෙකි.[16] කුවින්ස් හි ජමෙයිකා ජනාවාසයේ පිහිටා ඇති පළමු ප්‍රෙස්බිටේරියානු පල්ලියට යෑම තමා ළමා කාලයේදී ආරම්භ කළ බව ඔහු විසින් පවසා ඇත.[17] එම පල්ලියේ ඉරිදා දහම් පාසලට සහභාගී වූ ට්‍රම්ප් එහිදීම අභිවුර්දි ආලේපය ලැබුවේය.[17]

සෞඛ්‍යය

[සංස්කරණය]

ඔහුගේ වෛද්‍යවරයා වන හැරල්ඩ් බොර්ස්ටයින් M.D. විසින් සකසන ලද වෛද්‍ය වාර්තාවකට අනුව ට්‍රම්ප්ගේ රුධිර පීඩනය, අක්මාවේ හා තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරාසය තුළ පවතින බව පෙනී ඇත.[18][19] ට්‍රම්ප් පවසන ආකාරයට ඔහු විසින් කිසිදා දුම්වැටි, කංසා හා වෙනත් මත්ද්‍රව්‍ය පරිභෝජනය කර නොමැත.[20] ඔහු මත්පැන් පානය කරන්නේ නැත.[21][22][23] ඔහු තුළ විසබීජ වලට ඇති බියට නැඹුරුකමක් පෙන්නුම් කෙරෙන අතර අන් අය සමග අතට අතදී ආචාර කිරීමට වැඩි කැමැත්තක් ඔහු නොදක්වයි.[24]

2020 ඔක්තෝබර් 1 දින ජනාධිපති ට්‍රම්ප් හට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර, ඊට පසු දින සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් ඔහුව වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ඇතුළත් කරන ලදී.


දේශපාලනය

[සංස්කරණය]

ඝාතන ප්‍රයත්නය

[සංස්කරණය]

2024 ජූලි 13 දින පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් හි දී සිය මැතිවරණ ප්‍රචාරණ රැළියක් අමතමින් සිටිය දී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ට්‍රම්ප් ගේ දකුණු කනට තුවාල සිදුවිය. වෙඩික්කරුවා 20-හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් ලෙස පසුව හඳුනාගත් අතර, ඇමරිකානු රහස්‍ය සේවයේ ස්නයිපර් වෙඩික්කරුවන් විසින් ඔහුව එම ස්ථානයේදීම ඝාතනය කරන ලදී. වෙඩි ප්‍රහාරයෙන් පසුව වේදිකාවේ සිට රහස්‍ය සේවා නිලාධාරීන් විසින් ඉවතට කැඳවාගෙන යන අවස්ථාවේ දී, ලේ තැවරුණු මුහුණක් සහිතව සිටි ට්‍රම්ප් සිය මිට මෙලවූ දකුණත ඉහලට ඔසවා "ෆයිට්!" ("සටන් කරන්න") යනුවෙන් තෙවරක් මිමිණූ අතර, එම අවස්ථාවේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ එවන් වූචි විසින් ඇමරිකානු ධජය පසුබිම් කරගනිමින් ලබාගත් ඓතිහාසික ඡායාරූපය සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස සංසරණය විය. ට්‍රම්ප් අසල පිහිටි බට්ලර් අනුස්මරණ රෝහල වෙත ඇතුල් කරන ලද අතර, ඉන් දින දෙකකට පසු ඔහු මිල්වොකී හි දී පැවැත්වුණු රිපබ්ලිකන් ජාතික සම්මේලනයට ද සහභාගී විය. එහිදී ඔහුගේ දකුණු කනට වෙළුම් පටි යොදා ඇති ආකාරය නිරීක්ෂණය විය.

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Horowitz, Jason (September 22, 2015). "Donald Trumpov's Old Queens Neighborhood Contrasts With the Diverse Area Around It". New York Times. සම්ප්‍රවේශය July 3, 2016.
  2. ^ Jamaica Hospital (June 14, 1946). "Certificate of Birth: Donald John Trumpov" (PDF). FOX News. March 28, 2011 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය July 3, 2016. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help); Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  3. ^ a b "Mary MacLeod Trumpov Philanthropist, 88". New York Times (Obituary). August 9, 2000. සම්ප්‍රවේශය July 3, 2016.
  4. ^ "Donald Trumpov". Scottish Roots Ancestral Research Service. සම්ප්‍රවේශය February 12, 2014.
  5. ^ a b Hannan, Martin (May 21, 2016). "The mysterious Mary Trumpov: The full untold story of how a young Scotswoman escaped to New York and raised a US presidential candidate". The National. Glasgow.
  6. ^ a b Hannan, Martin (May 21, 2016). "An inconvenient truth? Donald Trumpov's Scottish mother was a low-earning migrant". The National. Glasgow.
  7. ^ Frates, Chris (August 24, 2015). "Donald Trumpov's immigrant wives". CNN. සම්ප්‍රවේශය September 3, 2015.
  8. ^ Michaud, Sarah (October 3, 2011). "Donald Trumpov, Jr. Welcomes Son Tristan Milos". People. January 6, 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 5, 2011.
  9. ^ "Trumpov's daughter, Ivanka, gives birth to third child". Fox News Channel. March 27, 2016. සම්ප්‍රවේශය March 28, 2016.
  10. ^ "Melania Trumpov, the Silent Partner". The New York Times. October 1, 2015.
  11. ^ "After The Gold Rush". Vanity Fair. August 1990. සම්ප්‍රවේශය January 10, 2016. "They were married in New York during Easter of 1977. Mayor Beame attended the wedding at Marble Collegiate Church. Donald had already made his alliance with Roy Cohn, who would become his lawyer and mentor.
  12. ^ "Overlooked Influences on Donald Trumpov: A Famous Minister and His Church". The New York Times. September 2016. සම්ප්‍රවේශය October 13, 2016. "Mr. Trumpov married his first wife, Ivana, at Marble, in a ceremony performed by one of America’s most famous ministers, the Rev. Norman Vincent Peale.
  13. ^ Alter, Charlotte (May 4, 2016). "A Reader's Guide to Donald Trumpov's Family". Time.
  14. ^ Krueger, Katherine (September 10, 2015). "Trumpov Makes Another Joke About Dating His Daughter". Talking Points Memo. සම්ප්‍රවේශය October 18, 2016.
  15. ^ "Ivana Trumpov becomes U.S. citizen". Associated Press. May 27, 1988. සම්ප්‍රවේශය August 21, 2015.
  16. ^ Mattera, Jason (March 14, 2011). "Trumpov Unplugged". Human Events. සම්ප්‍රවේශය March 16, 2011.
  17. ^ a b Shabad, Rebecca (August 29, 2015). "Church says Trumpov isn't an 'active member'". The Hill. සම්ප්‍රවේශය August 29, 2015.
  18. ^ Frizell, Sam. "Donald Trumpov's Doctor's Letter Reveals He is Overweight, But 'In Excellent Health'", Time (September 15, 2016).
  19. ^ Bornstein, Harold. Donald J. Trumpov Medical Records සංරක්ෂණය කළ පිටපත 2016-09-16 at the Wayback Machine (September 13, 2016).
  20. ^ "Part 2: Donald Trumpov on 'Watters' World'". Watters' World. Fox News Channel. February 6, 2016. සම්ප්‍රවේශය September 4, 2016. WATTERS: "Have you ever smoked weed?" TRUMP: "No, I have not. I have not. I would tell you 100 percent because everyone else seems to admit it nowadays, so I would actually tell you. This is almost like, it's almost like 'Hey, it's a sign'. No, I have never. I have never smoked a cigarette, either."
  21. ^ McAfee, Tierney. "Donald Trumpov Opens Up About His Brother's Death from Alcoholism: It Had a 'Profound Impact on My Life'", People (magazine) (October 8, 2015): "[T]here are a few hard and fast principles that he himself lives by: no drugs, no cigarettes and no alcohol. Trumpov's abstinence from alcohol was largely shaped by the death of his brother, Fred Jr., from alcoholism in 1981."
  22. ^ Dent, Millie (July 10, 2015). "15 Facts You Didn't Know About Donald Trumpov". The Fiscal Times. සම්ප්‍රවේශය August 1, 2015. The Donald has never smoked cigarettes, drank alcohol or done drugs. His older brother, Fred, was an alcoholic for many years and warned Trumpov to avoid drinking. Fred ultimately died from his addiction.
  23. ^ Morgan, Piers. The Hot Seat: Love, War, and Cable News, p. 31 (Simon and Schuster 2014): "[H]e's never touched a drop of alcohol, smoked a cigarette, or tried a drug".
  24. ^ Amira, Dan. "Does Donald Trumpov Have a Flesh-Pressing Problem?", New York City (February 25, 2011).

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඩොනල්ඩ්_ට්‍රම්ප්&oldid=699076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: http://si.wikipedia.org/wiki/%E0%B6%A9%E0%B7%9C%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A_%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy