Content-Length: 299344 | pFad | https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A_%E0%B6%B7%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80

ඉස්ලාම් භීතිකාව - විකිපීඩියා Jump to content

ඉස්ලාම් භීතිකාව

විකිපීඩියා වෙතින්


ඉස්ලාම් භීතිකාව හෝ මුස්ලිම් භීතිකාව යනු ඉස්ලාම් ආගම හෝ මුස්ලිම්වරුන් කෙරෙහි ඇති අහේතුක බිය, ඔවුන්ට එරෙහි එදිරිවාදී ආකල්ප හෝ පූර්වවිනිශ්චයන් වේ.[1][2][3][4][5] ඉස්ලාම් භීතිකාව ප්‍රධාන වශයෙන් වාර්ගික, ආගමික සහ සංස්කෘතික ආධානග‍්‍රාහිත්වයක් වෙයි.[6] ඉස්ලාම් භීතිකාව සහිත පුද්ගලයින් බොහෝවිට මුස්ලිම්වරු භූදේශපාලනික තර්ජනයක් ලෙස හෝ ත්‍රස්තවාදීන් ලෙස ඒකාකෘතිකරණය කරයි. [7][8][9]

සීතල යුද්ධයේ අවසානයේ සිට ලොව පුරා ඉස්ලාම් භීතිකාවේ වර්ධනයක් සිදුවූ අතර, එයට හේතු ගණනාවක් දැක්විය හැක. 1990 දශකයේ පමණ සිට බටහිර මාධ්‍ය විසින් මුස්ලිම්වරුන්ට එරෙහි වර්ගවාදී ඒකාකෘතීන් ප්‍රචලිත කිරීම සිදුවී ඇත.[10] සැප්තැම්බර් 11 ප්‍රහාර වලට පසුව එක්සත් ජනපදය විසින් දියත් කෙරුනු "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය"[11][12][13] සහ ඉරාක යුද්ධයට අනතුරුව නැගී ආ ඉස්ලාමීය රාජ්‍යය නමැති කණ්ඩායමද ඉස්ලාම් භීතිකාවට දායක විය.[14] මීට අමතරව, එක්සත් ජනපදයෙහි සහ යුරෝපයෙහි ඉස්ලාමීය සටන්කාමීන් විසින් සිදු කෙරුනු ත්‍රස්තවාදී ප්‍රහාර, සහ සුදු ජාතිකවාදී සංවිධාන විසින් අන්තර්ජාලය ඔස්සේ පතුරුවා හරින මුස්ලිම් විරෝධී මතවාදත්[15], එක්සත් ජනපදයෙහි සහ යුරෝපා සංගමය තුල මුස්ලිම්වරුන්ට එරෙහි එදිරිවාදී ආකල්ප ඉහලයාමත් සමග ක්‍රිස්තියානි ජාතිකවාදී[16] සහ අන්ත-දක්ෂිණාංශික කණ්ඩායම් රැඩිකල්කරණය වීමත් මෙයට ප්‍රධාන වශයෙන් බලපානු ලැබීය.[17][18]

2013 සිදු කෙරුණු අධ්‍යනයකට අනුව, ඉස්ලාම් භීතිකාව නිසා සිදුවන ප්‍රහාර වැඩි වශයෙන් එල්ල වන්නේ මුස්ලිම් පිරිමින්ට වඩා මුස්ලිම් කාන්තාවන්ට (විශේෂයෙන් හිස් ආවරණ හෝ මුහුණු ආවරණ පැළඳගත් කාන්තාවන්ට) එරෙහිව වේ.[19] 2022 මාර්තු 15 වැනිදා, ඉස්ලාමීය සහයෝගීතාවය පිළිබඳ සංවිධානය වෙනුවෙන් පාකිස්ථානය විසින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යොමු කර සම්මත කරගත් යෝජනාවකට අනුව, මාර්තු 15 වැනිදා "ඉස්ලාම් භීතිකාවට එරෙහිව සටන් කිරීමේ ජාත්‍යන්තර දිනය" ලෙස නම් කෙරුනි.[20]

'ඉස්ලාම් භීතිකාව' (ඉංග්‍රීසි: Islamaphobia) යන යෙදුමේ නියම නිර්වචනය කුමක්ද යන්න බටහිර විශ්ලේෂකයන් අතර මතභේදයට තුඩු දී ඇති කරුණකි. මුස්ලිම්වරුන්ට එරෙහි පූර්වවිනිශ්චයන් හෝ වෙනස්කම් කිරීම් හැඳින්වීමට ඇතැමුන් විසින් "මුස්ලිම්-විරෝධී" (ඉංග්‍රීසි: anti-Muslim) යන යෙදුම යෝජනා කෙරෙයි.[21] ඇතැම් දක්ෂිණාංශික විචාරකයන් සහ වෙනත් පුද්ගලයින් චෝදනා කරන්නේ 'ඉස්ලාම් භීතිකාව' යන යෙදුම මගින් වර්ගවාදය සහ ආගමික විශ්වාසයන් විවේචනය කිරීම අතර ඇති වෙනස බොඳ කෙරෙන බවත්, ඉස්ලාම් ආගමට එරෙහි විවේචන ප්‍රතික්ෂේප කිරීමට ඇතැමුන් එය භාවිතා කරන බවත් ය.[22][23][21] මෙවැනි චෝදනා ප්‍රතික්ෂේප කරන ශාස්ත්‍රඥයන්, ක්‍රියාකාරීන් සහ විශේෂඥයන් පවසන්නේ චෝදනාකරුවන් මුස්ලිම් විරෝධී ආකල්ප වල පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන බවයි.[24][25][26][27]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "The Devastating Mental Health Effects of Islamophobia". TIME (ඉංග්‍රීසි බසින්). 2023-11-16. සම්ප්‍රවේශය 2024-03-15.
  2. ^ Segal, Jody. "LibGuides: Islam and Muslim Americans: Islamophobia". libguides.greenriver.edu (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2024-03-15.
  3. ^ "Islamophobia". Islamophobia. https://en.oxforddictionaries.com/definition/islamophobia. ප්‍රතිෂ්ඨාපනය 10 November 2016. 
  4. ^ "islamophobia". Dictionary.com Unabridged. Random House. සම්ප්‍රවේශය 10 November 2016.
  5. ^ "Islamophobia". Islamophobia. http://www.collinsdictionary.com/dictionary/english/islamophobia. ප්‍රතිෂ්ඨාපනය 10 November 2016. 
  6. ^ Hedges, Paul (2021). Religious Hatred: Prejudice, Islamophobia and Antisemitism in Global Context. 50 Bedford Square, London, WC1B 3DP, UK: Bloomsbury Academic. ISBN 978-1-3501-6287-7. LCCN 2020041827.{{cite book}}: CS1 maint: location (link)
  7. ^ Miles & Brown 2003, පිටු අංකය: 166.
  8. ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; egorova නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  9. ^ Wike, Richard; Stokes, Bruce; Simmons, Katie (July 2016). Europeans Fear Wave of Refugees Will Mean More Terrorism, Fewer Jobs (PDF) (Report). Pew Research Center. p. 4. 27 November 2016 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 November 2016.
  10. ^ Miles & Brown 2003, පිටු අංකය: 164-168.
  11. ^ Beydoun, Khaled A. (April 2020). "Exporting Islamophobia in the Global "War On Terror"" (PDF). New York University Law Review. 95: 81–100.
  12. ^ Hilal, Maha (2021). Innocent Until Proven Muslim: Islamophobia, the War on Terror, and the Muslim Experience Since 9/11. Minneapolis, USA: Broadleaf Books. ISBN 978-1-5064-7046-7.
  13. ^ Kiara Alfonseca (September 11, 2021). "20 years after 9/11, Islamophobia continues to haunt Muslims". ABC News (ඉංග්‍රීසි බසින්).
  14. ^ Abbas, Tahir (2021). "Reflection: the "war on terror", Islamophobia and radicalisation twenty years on". Critical Studies on Terrorism. 14 (4). Routledge: 402–404. doi:10.1080/17539153.2021.1980182. hdl:1887/3618299 – via tandfonline.
  15. ^ Duncan Spence (November 2, 2014). "Why online Islamophobia is difficult to stop". Canadian Broadcasting Corporation.
  16. ^ Kumar, Deepa (2021). "7: The New McCarthyites: The right-wing islamophobia network and their liberal enablers". Islamophobia and the Politics of Empire (2nd ed.). 6 Meard Street, London W1F 0EG, UK: Verso. pp. 197, 198. ISBN 978-1-78873-721-0.{{cite book}}: CS1 maint: location (link)
  17. ^ Idil Oztig, Lacin (2022). "Islamophobic Discourse of European Right-Wing Parties". Social Currents. 10 (3). Sage Publishing: 1–14. doi:10.1177/23294965221139852 – via Sage Journals.
  18. ^ Benkler, Faris, Roberts, Yochai, Robert, Hal (2018). "4: Immigration and Islamophobia: Breitbart and the Trumpov Party". Network Propaganda: Manipulation, Disinformation, and Radicalization in American Politics. 198 Madison Avenue, New York, Ny 10016, USA: Oxford University Press. pp. 105–144. ISBN 9780190923624. LCCN 2018020121.{{cite book}}: CS1 maint: location (link) CS1 maint: multiple names: authors list (link)
  19. ^ Siddique, Haroon (20 November 2013). "Muslim Women more likely to suffer Islamophobic attacks than men - study". The Guardian – via www.theguardian.com.
  20. ^ "'Landmark resolution': UNGA declares March 15 as International Day to Combat Islamophobia". Dawn. March 15, 2022.
  21. ^ a b Scott (2014), p. 377.
  22. ^ "Quatre questions sur l'emploi du terme "islamophobie", qui fait (une nouvelle fois) débat". France Info (ප්‍රංශ බසින්). 2019-11-10.
  23. ^ Benn, Piers (2007-05-31). "On Islamophobia-phobia". New Humanist (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්).
  24. ^ "Tackling denial of Islamophobia". 24 November 2022. 1 February 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  25. ^ Zia-Ebrahimi, Reza (2020). "The French origens of 'Islamophobia denial'". Patterns of Prejudice. 54 (4): 315–346. doi:10.1080/0031322X.2020.1857047.
  26. ^ York, Jillian (26 July 2010). "Paranoid Politics: The Denial of Islamophobia". Huffington Post. 10 June 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  27. ^ Mcguinness, Alan (5 March 2020). "Conservative Party accused of 'denial' over Islamophobia". Sky News. 17 June 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
"https://si.wikipedia.org/w/index.php?title=ඉස්ලාම්_භීතිකාව&oldid=698669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://si.wikipedia.org/wiki/%E0%B6%89%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A_%E0%B6%B7%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy