Content-Length: 154327 | pFad | https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A_%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A_%E0%B6%BB%E0%B7%96%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A

පීටර් පෝල් රූබන්ස් - විකිපීඩියා Jump to content

පීටර් පෝල් රූබන්ස්

විකිපීඩියා වෙතින්


පීටර් පෝල් රූබන්ස්
Self portrait anno 1623
උපතේදී නමපීටර් පෝල් රූබන්ස්
උපත1577 ජුනි 28
සීජන්, වෙස්ට් ෆැලියාව
ජාතිකත්වයFlemish
ක්ෂේත්‍රයසිතුවම් නිර්මාණය, Diplomacy
ව්‍යාපාරයබැරොක් සම්ප්‍රදාය
Influenced byමයිකල් ඇන්ජෙලෝ, ටි‍ටියන්, කැරවෑගියෝ, පීටර් බෘගෙල් ද එල්ඩර්
InfluencedAntoine Watteau, Eugène Delacroix

මරණය - 1640 මැයි 30 ඇන්ට්වර්ප්, දකුණු නෙදර්ලන්තය

බලපෑමට ලක් වූවන් - ඇන්ටොයින් ‍වැටෝ, ඉයුජීන් ඩෙලක්‍රොයික්ස්

පීටර් පෝල් රූබන්ස් (1577 ජුනි 28 – 1640 මැයි 30 ‍) යනු 17 වන සියවසට අයත් සුප්‍රසිද්ධ ‍‍ෆ්ලෙමිෂ් බැරොක් චිත්‍ර ශිල්පියෙකු වේ. එමෙන්ම ඔහු ඉතා අලංකාර බැරොක් සම්ප්‍රදායට අයත් චිත්‍ර නිර්මාණය කළ ශිල්පියෙකු වන අතර බැරොක් සම්ප්‍රදාය තුළ දී චලන, වර්ණ සහ ඉන්ද්‍රියන් පිනවීම අරමුණු කොට ගෙන චිත්‍ර නිර්මාණය කිරීම සිදු විය. පෝල් රූබන්ස් ප්‍රතිසංවිධානයට එරෙහිව නිර්මාණය කරන ලද අල්තාර මණ්ඩල චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර, භූමි දර්ශන සිතුවම් සහ ඉතිහාසය නිරූපණය වන සිතුවම් හේතුවෙන් සුප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහුගේ චිත්‍ර තුළ මිත්‍යා සහ රූපකමය වස්තූන් අන්තර්ගත විය.

යුරෝපය පුරා ජීවත් වූ චිත්‍ර නිර්මාණ එකතු කරන්නන් සහ උසස් සමාජය තුළ ප්‍රචලිත වූ චිත්‍ර නිර්මාණය කළ කලාගාරයක් පොල් රූබන්ස් සතු වූ අතර එය ඇන්ට්වර්ප් ප්‍රදේශයේ පිහිටා තිබුණි. මේ හැරුණු විට ඔහු උසස් ලෙස අධ්‍යාපනය ලැබූ මානවවාදී ප්‍රාඥයකු වූ අතර චිත්‍ර නිර්මාණ එකතු කරන්නෙකු සහ රාජ්‍යතාන්ත්‍රිකයකු ද විය. ස්පාඤ්ඤයේ හතරවැනි පිලිප් රජු සහ එංගලන්තයේ පළවැනි චාල්ස් රජු ඔහුට නයිට් පදවි පිරිනමන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=පීටර්_පෝල්_රූබන්ස්&oldid=249647" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A_%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A_%E0%B6%BB%E0%B7%96%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy