Jump to content

එන්යා

විකිපීඩියා වෙතින්
ගොනුව:Enyasweet.jpg
එන්යා, 2001

එන්යා (Enya) [Eithne Patricia Ní Bhraonáin, උපත 1961 මැයි 17, අයර්ලන්තයේ ඩොනෙගල් හි ග්වීඩෝර් හිදී][1] අයර්ලන්ත ජාතික ගායිකාවක් හා ගීත රචිකාවියකි. ඇය අයර්ලන්තයේ වැඩියෙන්ම අලෙවි වන ජනප්‍රියම ගීත ගායනා කරන තැනැත්තියයි. ඈ ග්‍රැමී සම්මාන හතරක් දිනා ඇති අතර ඇකඩමි සම්මාන සඳහාද තෝරාගෙන ඇත. ඇගේ සංගීත කන්ඩායමේ අනෙක් විශේෂතම පුද්ගලයන් වන්නේ සංගීත ඇල්බම නිශ්පාදනය කරන නිකී රයන් හා විවිධ භාෂා වලින් පද වැල් ලියන රෝමා රයන් ය.

ඇය නවදෙනෙක් වූ සහෝදර සහෝදරියන්ගෙන් යුත් පවුලේ සය වැනියාය (ඇයට සහෝදරයන් සතරදෙනෙක් හා සහෝදරියන් සතරදෙනෙක් සිටිති). ඇගේ ආච්චී සහ සීයාද අයර්ලන්තය පුරා සංදර්ශන පැවත්වූ සංගීත කලා කරුවෝය. ඔවුන්ගේ පවුලේ බොහෝ දෙනෙක් එක්ව 1968 දී An Clann As Dobhar නමින් සංගීත කන්ඩායමක් පිහිටවූහ, එය නැවත 1970 දී Clanned නමින් නම් කරගන්නා ලදී.

සම්මාන

[සංස්කරණය]
  • 1993 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (Shepherd Moons සඳහා)
  • 1997 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (The Memory of Trees සඳහා)
  • 2002 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (A Day Without Rain සඳහා)
  • 2007 ග්‍රැමී සම්මාන - හොඳම New Age ඇල්බමය (Amarantine සඳහා)

තවද, May It Be ගීතය 2002 දී හොඳම ගීතය ලෙස ඇකඩමි සම්මානය සඳහා යෝජනා කර තිබින.

තවද බලන්න

[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
"https://si.wikipedia.org/w/index.php?title=එන්යා&oldid=647518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy